අභිමානවත් දේශයක් ගොඩනැගීමේ අනාගත හිමිකරුවා දරුවාය. දරුවන්ට ඒ නිසාම ඔවුන්ගේ හැකියා , ලැදියා , දක්ෂතා මත ඉදිරියට යාමේ මංපෙත් විවර කිරීම ගුරු දෙගුරු වගකීම වනු ඇත. මේ බව මැනෙවින් තහවුරුකරමින් දැයේ දූ පුතුන් වෙනුවන්ම වෙන් වූ වර්ණවත් දිනයක් ලෙසින් ලෝක ළමා දිනය අර්ථවත් කිරීමට නවගත්තේගම ඉසුරු විදුහලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මංඩලය සමත් විය.


එහි විශේෂාංග අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සාමකාමී පා ගමනක් සංවිධානය කර තිබුණි.

දරුවන්ගේ විනෝදාස්වාදය ගොඩනැගීමට චිත්‍රපට දර්ශනයක් සංවිධානය කර තිබුණු අතර සිසුන්ට ප්‍රනීත දිවා ආහාර වේලකින් සංග්‍රහ කරමින් ලෝක ළමා දිනය තව තවත් අර්ථවත් කරමින් නිමා විය.